දිරා ගිය පීඩන බෝම්බයක යැයි සැක කළ හැකි කොටස් කිහිපයක් හපුතලෙන් හමුවේ
Saturday, 20 June 2020 - 12:20 | Views - 488
හපුතලේ - බෝවවත්ත ප්‍රදේශයේ පාළු නිවසක් පිහිටි භූමියක තිබී දිරා ගිය පීඩන බෝම්බයක යැයි සැක කළ හැකි කොටස් දෙකක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඒ, හපුතලේ පොලීසියේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීම් රාජකාරියක් අතරතුරදියි.
දිරා ගොස් තිබූ විද්‍යුත් ඩෙටනේටරයක කොටස් දෙකක් ද මෙහිදී සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය හා නිළ සුනඛ අංශය ඇතුළු අංශ කැදවීමට කටයුතු කර තිබෙනවා.
Share This Article