දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන 3ක් එකිනෙක ගැටී සිව් දෙනෙකු රෝහලේ (වීඩියෝ)
Saturday, 20 June 2020 - 10:33 | Views - 1,927
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව කිලෝමීටර් 96 කණුව අසළ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.පොලීසිය සඳහන් කළේ ඊයේ (19) රාත්රියේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක පිටුපස කුඩා කැබ් රථයක් ගැටී පසුව එය පිටුපස තවත් මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.සිද්ධියෙන් මෝටර් රථයේ සහ කුඩා කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article