පෙරහුරු මැතිවරණය අද කොළඹ දී
Saturday, 20 June 2020 - 8:41 | Views - 406
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණය උතුරු කොළඹ නාගරිකය යටතට ගැනෙන දෙමටගොඩදී අද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළ මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සති අන්තයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙරහුරු මැතිවරණ සංවිධාන කර තිබුණා.

ඒ යටතේ මෙම පෙරහුරු මැතිවරණය ද අද පෙරවරු 10 ට ආරම්භ වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

මෙලෙස පෙරහුරු මැතිවරණ පැවැත්වීම තුළින් මහමැතිවරණයට විශාල පිටිවහලක් සැලසෙන බව ද ඔහු සඳහන් කළා.

ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ එහි නිලධාරින් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් මෙන්ම, සහකාර මැතිවරණ කොමිසාරිස්වරුන් පිරිසක් අතරයි.

මැතිවරණ කොමිසමේ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථානය භාරව කටයුතු කරන සහකාර තේරීම්භාර නිලධාරින් ද අද පස්වරු 2.30ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්වනු ඇති.

එසේම, මධ්‍යම හා උතුරුමැද පළාත් වල මෙන්ම, අම්පාර හා කෑගල්ල දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් සාකච්ඡාවක් හෙට පෙරවරුවේ මහනුවරදී පැවැත්වෙනවා.

මීට අමතරව, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් සාකච්ඡාවක් හෙට පස්වරුවේ වව්නියාවේදී පැවැත්වීමට ද නියමිතයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top