ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පති ධුරවල වැඩ බැලීමේ තනතුරු
Saturday, 20 June 2020 - 8:08 | Views - 1,206
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල වැඩ ආවරණය කිරීම සඳහා පත් කර තිබෙනවා.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඒ.යූ.පී. ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.වීරසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. අපොන්සු පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල වැඩ ආවරණය කිරීම සඳහා පත් කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. නිශ්ශංක අධිකරණ ආරක්ෂක කොට්ඨාශයටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී. සන්දනායක මාතලේ කොට්ඨාශයටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.රණසිංහ, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල වැඩ ආවරණය සඳහා යොමුකර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ.කේ.මාරඹගේ රාජ්‍ය බුද්ධි සේවයට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.සෙනෙවිරත්න නිල සුනඛ කොට්ඨාශයට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී. අනිල් ප්‍රියන්ත මාතර කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය සඳහා පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
Share This Article