ජනපතිගේ ඡන්ම දිනය අදයි
Saturday, 20 June 2020 - 7:25 | Views - 1,574
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ජන්ම දිනය සමරනවා.

1949 වසරේ ජුනි 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, උපත ලබන අතර, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා.

1971 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන ඔහු හමුදා සේවයේ නිරතව සිටියදී, මැඩ‍්‍රාස් විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපන විෂය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගන්නවා.

පාකිස්ථානයේ, ඉන්දියාවේ මෙන්ම, ඇමරිකාවේ පැවති උසස් පුහුණු පාඨමාලාවන්ට එක්වන ඔහු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව රට වෙනුවෙන් කළ අපරිමිති මෙහෙවර වෙනුවෙන් රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම්වලින් ද පිදුම් ලැබුවා.

ලුතිනන් කර්නල්වරයෙකු ලෙස 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරා ඇමරිකාවට යන ඔහු කැලිෆෝනියා ලොයෙලා නීති විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදියෙකු ලෙස ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

2005 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදයට එරෙහි සටන මානුෂීය මෙහෙවරක් ලෙස නිම කරන්නට දැක්වූ දායකත්වය වදනින් කැටිකළ නොහැකියි.

2006 වසරේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඉලක්කයක් බවට ඔහු පත්වෙන්නේ ද එබැවින්.

රටට සාමය උදා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු කළ අගයමින් කොළඹ විශ්වවිද්‍යාලය ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමනු ලැබුවා.

2015 වසරෙන් පසු රටේ බහුතර ජනතාවගේ හැඟීම් සහ ඉල්ලීම් වෙනුවෙන් කැපවෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ඔහු පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඒ සිය ප්‍රතිවාදියාට වඩා ඡන්ද මිලියන 1 යි දශම 3 ක් හිමිකර ගනිමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top