කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් අවසන් සැකකරු මෝදරදී අල්ලයි
Friday, 19 June 2020 - 20:14 | Views - 647
බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත - සද්ධර්ම මාවත අසලදී තියුණු ආයුධවලින් පහරදී පළාගිය තවත් සැකකරුවෙකු මාලිගාවත්ත පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.

රෝගන් නැමැති 19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මෝදර පිහිටි සත්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඉන්දියාවේ වාසය කරන පූකුඩු කන්නාගේ ඥාති පුත්‍රයෙකු බවට හෙලිවී තිබෙනවා.

පසුගිය 17 වැනිදා ත්‍රීරෝද රථයකින් පැමිණි 03 දෙනෙකු අදාළ පහරදීම සිදුකර තිබුණේ පූකුඩු කන්නා නැමැත්තාගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පොලිසිය ප්‍රශ්න කළ සැකකරු ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හිරෝෂී ඉරේෂා අද නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉතිරි සැකකරුවන් තුන් දෙනාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අවසන් බවයි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top