ඇමරිකාවේ රැකියා අහිමිවූ සංඛ්‍යාව මිලියන 45 ඉක්මවයි
Friday, 19 June 2020 - 20:13 | Views - 598
කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 45කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා.
විරැකියා ප්රතිලාභ සඳහා පසුගිය සතිය වනවිට තවත් මිලියන 1.5 ක පිරිසක් ඉල්ලුම්කර ඇති බවයි එරට කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඇමරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය මේ වනවිට ඉහළ අගයක් ගෙන ඇති අතර, ප්රතිලාභ ලබන සංඛ්‍යාව 14.1%ක් බව සඳහන්.
Share This Article