දැවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)
Friday, 19 June 2020 - 20:11 | Views - 784
ටයර් දමා ගිනි තබා දැවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් දඹුල්ල, ඉහළ ඇරැව්වල ප්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ලැබුණු  තොරතුරක් මත අදාළ ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී මළ සිරුර වගා ළිඳක දැවෙමින් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

වෙනත් ස්ථානයක මෙම අපරාධය සිදුකර ළිඳට දමා පුළුස්සන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

ටයර් 10කට වැඩි සංඛ්‍යාවක් මළ සිරුර පිලිස්සිමට යොදාගෙන ඇති බවටයි මුලික විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

මළසිරුර පිළිස්සුනු ස්ථානයට මීටර් 200ක් පමණ දුරින් මාර්ගය අසල තිබී අපරාධයට සම්බන්ධ පුද්ගලයන් පානය කළ බවට සැකකෙරෙන හිස් මත්පැන් බෝතල් කිහිපයක් සහ ලේ තැවරුණු අලුත් උදලු තලයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වී ඇත්තේ කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙක් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

පුළුස්සන ලද මළ සිරුරේ හිස් කබල හා අස්ථි කීපයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරයා  ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත සොයා ගත් අස්ථි කොටස් වැඩිදුර විමර්ශන සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ ඉහළ ඇරැව්වල ග්‍රාම නිළධාරිවරිය විසින් මිනිස් සිරුරක බවට සැකකෙරන අස්ථි කොටස් පිළිස්සෙමින් තිබෙන බවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

එම ස්ථානයට දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා, මාතලේ අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිළධාරින්,දඹුල්ල නිළ සුනඛ ඒකකයේ නිළධාරින් සහ ඇගිලි සටහන් රෙජිස්ටාර් නිළධාරින් පැමිණ පරික්ෂණ ආරම්භ කළා.

එහිදි අනාවරණය වුයේ එම අස්ථි කොටස් මිනිස් සිරුරක අස්ථි කොටස් වන අතර, ඒවා වගා ලිඳ තුළ ටයර් දමා පුළුස්සා ඇති බවයි.

දඹුල්ල පොලිසියයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top