මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ රියදුරාගේ 56 හැවිරිදි මව සහ 24 හැවිරිදි සමීපතම මිතුරෙකු දෙහිවල පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, මොරටුමුල්ල - ඉඳිබැද්ද ප්රදේශයේදීයි.
සැකකාරිය රැඳී සිටි නිවසේ ටැංකියක සඟවා තිබියදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03 ක්, ටී-56 හිස් පතොරම් කොපු 06 ක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක්ද සොයා ගැනුණා.
අදාළ රියදුරා පසුගිය 14 වැනිදා අලූයම ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබුවේ බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදීයි.
මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කුඩු අංජු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට මේ වනවිට හෙලි වී තිබෙනවා.