විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා - 21ක් ජිවිතක්ෂයට
Friday, 19 June 2020 - 20:08 | Views - 1,095
කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ තවත් පුද්ගලයින් 25 දෙනෙකු අද රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, අද දිනයේ ඉන්දියාවේ සිට පැමිණි ආසාදිතයෙකු මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1948 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම,  විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශය අද ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් දින 105ක කාලයක් වසා දමා තිබූ මෙරට සිනමා ශාලා මේ මස 27 වනදා නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි.  

එසේම, ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වනවිට 8,616, 193ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය සංඛ්‍යාව 456,968ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top