විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා - 21ක් ජිවිතක්ෂයට
Friday, 19 June 2020 - 20:08 | Views - 1,096
කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ තවත් පුද්ගලයින් 25 දෙනෙකු අද රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගියා.
එමෙන්ම, අද දිනයේ ඉන්දියාවේ සිට පැමිණි ආසාදිතයෙකු මේ වනවිට වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1948 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එමෙන්ම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශය අද ප්‍රකාශ කළා.
මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් දින 105ක කාලයක් වසා දමා තිබූ මෙරට සිනමා ශාලා මේ මස 27 වනදා නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි.
එසේම, ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වනවිට 8,616, 193ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය සංඛ්‍යාව 456,968ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Share This Article