හාලිඇලදී යුවලක් දුම්රියක ගැටෙයි - තරුණිය මරුට
Friday, 19 June 2020 - 16:50 | Views - 1,171
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර, ප්රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.
අද (19) පස්වරු 2.20ට පමණ තරුණයෙක් සහ තරුණියක් දුම්රියේ ගැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුරින් හෙලවත්ත, හපුතලේගම පදිංචි 21 හැවිරිදි ආරක්ෂක අංශ සාමාජිකයෙක් බරපතල තුවාල සහිතව බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම තරුණයා සහ තරුණිය මහනුවර සිට බදුල්ල බලා ධාවනයවෙමින් තිබූ දුම්රියට පැන ඇති බව දුම්රියේ රියදුරා ප්රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, හාලිඇල පොලීසිය කියා සිටියේ ඔවුන් දෙදෙනා දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළාද, එසේ නොමැතිව ඔවුන් දුම්රියෙහි ගැටීමෙන් අනතුර සිදුවූවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
Share This Article