හාලිඇලදී යුවලක් දුම්රියක ගැටෙයි - තරුණිය මරුට
Friday, 19 June 2020 - 16:50 | Views - 1,172
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර, ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.

අද (19) පස්වරු 2.20ට පමණ තරුණයෙක් සහ තරුණියක් දුම්රියේ ගැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් හෙලවත්ත, හපුතලේගම පදිංචි 21 හැවිරිදි ආරක්ෂක අංශ සාමාජිකයෙක් බරපතල තුවාල සහිතව බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම තරුණයා සහ තරුණිය මහනුවර සිට බදුල්ල බලා ධාවනයවෙමින් තිබූ දුම්රියට පැන ඇති බව දුම්රියේ රියදුරා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, හාලිඇල පොලීසිය කියා සිටියේ ඔවුන් දෙදෙනා දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළාද, එසේ නොමැතිව ඔවුන් දුම්රියෙහි ගැටීමෙන් අනතුර සිදුවූවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top