2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීම පිළිබද ප්‍රකාශයට අමාත්‍යාංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්
Friday, 19 June 2020 - 14:30 | Views - 635

2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරග වැදීමේ අවසන් මහා තරඟය මුදලට හෝ වෙන යම් දෙයකට පාවා දුන් බවත්, ඒ් පිළිබදව පැහැදිළි සාක්ෂි තමන් සතුව පවතින බවත් ඒවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා හිරු වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකලා.
ඒ අනුව වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මෙම ප්‍රකාශයෙන් පසු එම පුවත ගැන අවධානය යොමු කර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ් අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද ලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
Share This Article