13 හැවිරිදි තම ලෙයින් උපන් දියණිය දූෂණය කළ නරුම පියෙකුට අත් වූ ඉරණම - දියණිය ගැබිණියක් බව කුරුඳුවත්ත රෝහලේදී හෙළි වෙයි
Friday, 19 June 2020 - 13:59 | Views - 1,272
තම පාසල් දියණිය තුන් මස් ගැබිනියක කර සැඟව සිටි 59 හැවිරිදි පියකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසියෙන් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි මෙම දියණිය අසනීප තත්ත්වයෙන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය ගම්පොළ රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.
 

එහිදී කළ පරීක්ෂණවලදී ඇය ගැබිනියක බව හෙළිවීමෙන් පසු රෝහලෙන් ඒ බව කුරුඳුවත්ත පොලිසියට දන්වා තිබෙනවා.
 
ඒ අනුව දැරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේදී ඇය සඳහන් කර ඇත්තේ තම පෙම්වතා අතින් දූෂණයට ලක්වූ බවයි.
 
පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවද එය ඇගේ බොරුවක් බව හෙළි වීම නිසා වෙනත් ක්‍රම මඟින් පරීක්ෂණ අරඹා තිබෙනවා.
 
එහිදී තොරතුරු ලැබී ඇත්තේ මෙම දැරියගේ පියා මෙයට සම්බන්ධ බවයි.
 
ඒ සමඟම එම සැකකරු සැඟවී ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ඇරැඹීමේදී ඔහු වටදෙණිය ප්‍රදේශයට ගොස් කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටියදී ඊයේ (18දා) අලුයමදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම සිද්ධිය දැරියගේ 57 හැවිරිදි මවද දැන සිට ඇති අතර ඇය මේ බව සඟවා සිටීම නිසා ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
ගම්පොළ - මාධව බණ්ඩාර
උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top