13 හැවිරිදි තම ලෙයින් උපන් දියණිය දූෂණය කළ නරුම පියෙකුට අත් වූ ඉරණම - දියණිය ගැබිණියක් බව කුරුඳුවත්ත රෝහලේදී හෙළි වෙයි
Friday, 19 June 2020 - 13:59 | Views - 1,273

තම පාසල් දියණිය තුන් මස් ගැබිනියක කර සැඟව සිටි 59 හැවිරිදි පියකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසියෙන් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ ප්රදේශයේ පදිංචි 13 හැවිරිදි මෙම දියණිය අසනීප තත්ත්වයෙන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය ගම්පොළ රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.
එහිදී කළ පරීක්ෂණවලදී ඇය ගැබිනියක බව හෙළිවීමෙන් පසු රෝහලෙන් ඒ බව කුරුඳුවත්ත පොලිසියට දන්වා තිබෙනවා.
ඒ අනුව දැරියගෙන් ප්රකාශයක් ලබා ගැනීමේදී ඇය සඳහන් කර ඇත්තේ තම පෙම්වතා අතින් දූෂණයට ලක්වූ බවයි.
පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවද එය ඇගේ බොරුවක් බව හෙළි වීම නිසා වෙනත් ක්රම මඟින් පරීක්ෂණ අරඹා තිබෙනවා.
එහිදී තොරතුරු ලැබී ඇත්තේ මෙම දැරියගේ පියා මෙයට සම්බන්ධ බවයි.
ඒ සමඟම එම සැකකරු සැඟවී ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ඇරැඹීමේදී ඔහු වටදෙණිය ප්රදේශයට ගොස් කැලෑබද ප්රදේශයක සැඟවී සිටියදී ඊයේ (18දා) අලුයමදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය දැරියගේ 57 හැවිරිදි මවද දැන සිට ඇති අතර ඇය මේ බව සඟවා සිටීම නිසා ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පොළ - මාධව බණ්ඩාර
උපුටා ගැනුම මව්බිම පුවත්පතෙන්..
Share This Article