දොඩංගොඩ දී අඹු-සැමි යුවළක් විදුලිසැර වැදී මරුට
Friday, 19 June 2020 - 13:34 | Views - 8,703
දොඩංගොඩ නෑහින්න ප්රදේශයේ නිවසක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචි යුවලක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මියගිය කාන්තාව 62 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ සැමියාගේ වයස අවුරුදු 68 ක්.
ඔවුන් විසින් ගොඩනගන නව නිවසේ උළුඅහු සහ ජනෙල් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් මෙම විදුලි රැහැන් නිවස වටා ඇද තබන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
කෙසේ වෙතත් අද උදෑසන ඔවුන් දෙදෙනා නව නිවස වෙත පැමිණීමේදී මෙලෙස විදුලිය වැදීමෙන් මියයන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.
ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් විවාහක බවයි සඳහන් වන්නේ.
දොඩංගොඩ පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article