ලොවටම පණිවුඩයක් දෙමින් ඕස්ට්‍රේලියාවට එල්ලවූ සයිබර් ප්‍රහාරය
Friday, 19 June 2020 - 11:53 | Views - 822
ඕස්ට්‍රේලියානු රජයේ ආයතන කිහිපයක් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ රජයේ ආයතනවලට අමතරව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන කිහිපයක් වෙත ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුර තොරතුරු වාර්තාකරන්නේ එරට පෞද්ගලික ආයතන කිහිපයකටද මෙම සයිබර් ප්‍රහරය එල්ලවී ඇති බවයි.
මෙය රාජ්‍යතාන්ත්‍රික සයිබර් ප්‍රහාරයක් බවට තමන් සැකපළකරන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
Share This Article