උතුරු - මධ්‍යම අධිවේගී මාර්ගය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
Friday, 19 June 2020 - 11:05 | Views - 1,062
මධ්‍යම අධිවේගී මාර්ගයේ උතුරු කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද එක්වුණා.
අද පෙරවරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඉදිකිරීම්වලට අදාළව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද අද පැවැත්වීමට නියමිතයි.
Share This Article