චීනය, ඉන්දීය හමුදා සෙබලුන් දස දෙනෙකු මුදා හරී
Friday, 19 June 2020 - 10:43 | Views - 1,031
ලඩාක්, ගල්වාන් නිම්නයේ දේශසීමා ගැටුමේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය හමුදා සෙබලුන් දස දෙනෙකු චීනය මුදා හැර තිබෙනවා.
ඒ අතර ඉන්දීය හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු සහ මේජර්වරුන් 3 දෙනෙකු සිටින බවයි හින්දු පුවත්පත සඳහන් කළේ.
පසුගිය සඳුදා සන්ධ්‍යාවේ ඇති වූ මෙම ගැටුමේදී ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන්දියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ නැංවීමට සමත් වුණා.
මෙම දේශසීමා ගැටුමේදී තම පාර්ශවයට හානි සිදුවූයේ ද යන්න පිළිබදව චීනය සඳහනක් කර නැහැ.
කෙසේ නමුත් ඉන්දියාව ප්‍රකාශ කළේ චීන සෙබලුන් 45 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවයි.
ඉන්දීය සෙබලුන් 76 දෙනෙකු ද ගැටුමේදී තුවාල ලැබුවා.
ඔවුන් ප්‍රදේශයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර ඔවුන් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
ලඩාක් හි ඉන්දු - චීන දේශසීමාවේ චීන හමුදාවන්ට අයත් කූඩාරමක් ඉන්දීය හමුදා විසින් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟයි මෙම ගැටුම ආරම්භ වූයේ.
Share This Article