'මගෙන් මගේ දරුවව වෙන් කරන්න එපා' - මවගේ අනියම් සැමියා අතින් දූෂණයට ලක්ව මවක් වූ, 14 හැවිරිදි සිසුවියක් අධිකරණයෙන් කළ සංවේදී ඉල්ලීම
Friday, 19 June 2020 - 10:03 | Views - 1,257
තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාල වයස්කාර මවක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
 
මෙලස දියණියක් බිහිකර ඇත්තේ මවගේ අනියම් සැමියාගෙන් අපයෝජනයට ලක්ව ඇති බාල වයස්කාර දැරියක්.
 
14 හැවිරිදි බාල වයස්කාර මව සහ ඇයගේ, දින 12ක් වයසැති දියණිය රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයා බලන ලෙස ගම්පහ පරිවාස නිලධාරිනියට නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම බාල වයස්කාර දැරිය සහ ඇය බිහි කළ බිළිඳිය සුදුසු භාරකාරත්වයකට පත්කරන ලෙසට වැලිවේරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
 
දෙදෙනාවම එකම ස්ථානයක රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් ඔවුන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුලත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.
 
සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top