දිවයිනේ සියළුම සිනමාශාලා 27වනදා සිට විවෘත කෙරේ
Friday, 19 June 2020 - 9:28 | Views - 652
දිවයිනේ සියළුම සිනමාශාලා ලබන 27වන දා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සිනමාහල් මෙලෙස යළි විවෘත කෙරෙන්නේ දින 105කට පසුවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය හිමි වන බව සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.
සිනමාශාලා නැවත විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.
ඒ අනුව ලබන 27 වන දා සිට දිවයිනේ සියළුම සිනමාශාලා චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙනු ඇති.
Share This Article