ලොවක් චෝදනා කරන චීනයේ කොරෝනා බිය අඩුවෙද්දී, යළිත් ආරම්භ කළ සුනඛ මස් වෙළඳාමේ අතිබිහිසුණු වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි
Friday, 19 June 2020 - 9:19 | Views - 3,631
චීන රාජ්‍යය ගැන පසුගිය කාලය පුරාවටම දැඩි කතාබහක් ඇතිවුණේ කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ තැන එය නිසයි.
 
මේ නිසාම ලොව බලවත් රටවල් ගණනකින් චීනයට දැඩි විවේචන එල්ල වූ අතර බොහෝ පිරිස් සඳහන් කළේ චීනයේ "වෛරස් බැංකුවෙන්" කොරෝනාව එළියට පනින්නට ඇති බවයි.

නමුත් චීන විශේෂඥයින් සැක පහළ කළේ මෙය වවුලන් ආශ්‍රිතව බෝ වන්නට ඇති බවයි.
 
මේ නිසාම චීනයේ සත්ත්ව වෙළඳාම ගැනත් ලෝකයේ බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්තා.
 
පසුව කොරෝනා ලෝකයම වසා ගනිද්දිත් ඔවුන් විසින් සත්ත්ව වෙළඳපොළ-වල් වසා දමමින් මත්ස්‍ය වෙළඳාමට යොදා නොගන්නැයි ලැයිස්තුවක් ද සකස් කළා.
 
මෙම සියල්ල මැද චීනයේ වෙළෙන්ඳෝ තවත් මිලේච්ඡ උත්සවයකට කුඩා බලු පැටව් මසට විකුණමින් ඉන්න පුවතක් ඩේලිමේල් වාර්තා කර තිබෙනවා.
 
මේ සම්බන්ධ බිහිසුණු වීඩියෝ පටයක් මේ වන විටත් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. ඒවායේ දැක්වෙන්නේ වෙළෙන්ඳන් විසින් චීනයේ යුලින්හි බලු පැටවුන්ගේ මළකඳන් කපා විකුණන ආකාරයයි.
 
චීන නගරයේ මෙම සතිඅන්තයේ කුප්‍රකට වාර්ෂික සුනඛ මස් උත්සවය පැවැත්වීමට ද සුදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් බලධාරින් විසින් ඝාතනය සඳහා සුදානමින් සිටි බලු පැටවුන් 10 දෙනෙකුගේ ජීවිත බේරාගත් බව පසුගියදාක වාර්තා වුණා.
 
මේ තත්ත්වය මෙසේ වුවත් රට තුළ සුනඛයින් ආහාරයට ගැනීම තහනම් කිරීමට චීන රජය තවමත් නියෝගයක් නිකුත් කර නැහැ. (බලු මස් තහනම් ලැයිස්තුවට අදාළ නැහැ.)
 
නවතම කම්පන සහගත වීඩියෝ දර්ශණ හේතුවෙන් සත්ව ආරක්ෂණ සංවිධාන අතර ද විරෝධයක් මතුව තිබෙනවා.
 
සෑම වසරකම ගිම්හාන සූර්යාලෝකයම මත පවත්වනු ලබන යුලින් සුනඛ මස් උත්සවය ලෝකයේ වඩාත්ම මතභේදාත්මක උත්සවයයි.
 
මේ වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ආහාරයට ගැනීමට සුනඛයින් දහස් ගණනක් කුරිරු ලෙස මරා දමනු ලබන බවයි වාර්තා වන්නේ.
 
ආහාර සමාජ විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් ඇති 27 හැවිරිදි ගුඕ නම් අයෙක් පැහැදිලි කළේ සුනඛයින්ගේ මස් වෙනත් මස් වර්ග හා සසඳන විට ගාමියර් සුවඳ හා රසයෙන් යුක්ත වන බවයි.
 
එබැවින් සූපවේදීන් මිරිස් ගම්මිරිස් සහ ඉඟුරු වැනි කුළුබඩු භාවිතා කර ඒවා සකස් කරන බවයි ඔහු පැවසූයේ.
 
Dailymail ඇසුරිනි.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top