නරුම පෙම්වතා අවුරුදු 15ක බාලවයස්කාර දැරියකට සිදු කළ අපරාධයේ සුළමුළ හෙළිවෙද්දී, සැකකරු සොයා පොලිස් මෙහෙයුමක් දියත් කරලා
Friday, 19 June 2020 - 8:28 | Views - 667
බිබිල, මැදගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරිවියක ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම බාලවයස්කාර දැරිය හමුදා නිලධාරීයෙකු වන අදාළ පුද්ගලයාගේ පෙම්වතිය බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.
පියා අහිමි අදාළ දැරිය සැකකාර නිලධාරීයා සමග ඇයගේ මවට හොරෙන් මෙම ප්‍රේම සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බව ද සදහන්.
අදාළ හමුදා නිලධාරීයා ඔහුගේ පෙම්වතිවය පීස්ස දියඇල්ල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් මෙම අපයෝජනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දැරිවිය විසින් මවට දැනුම්දීමෙන් අනතුරුව මැදගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුවයි මැදගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට සදහා වන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මව්බිම
බිබිල නදුන් ගුණතිලක
Share This Article