දිවි හානිකරගත් කඩවසම් නළු සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන්, සුපිරි නළු සල්මන් ඛාන්, කරන් ජොහාර් ඇතුළු පිරිසකට නඩු
Friday, 19 June 2020 - 8:24 | Views - 1,590
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සල්මාන් ඛාන් ඇතුළු ප්‍රබල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිඥවරයෙක් විසින් නඩු පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
 
බොලිවුඩ් ජනප්‍රිය නළු සල්මාන් ඛාන් සහ අධ්‍යක්ෂකවරුන් වන කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි සහ එක්ටා කපුර්ට එරෙහිව මෙසේ නඩු පවරා ඇත්තේ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 306, 109, 504, සහ 506 වගන්ති යටතේ බවයි අධි නීතිඥ සුධීර් කුමාර් ඔජා පවසා ඇත්තේ.

පැමිණිල්ල ගොනු කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ, මියගිය සුෂාන්ත් සිං රාජ්පුත් චිත්‍රපට 07 කින් ඉවත් කොට ඇති බවත් ඔහු රඟපෑ ඇතැම් චිත්‍රපට තිරගත වීමෙන් වළක්වා ඇති බවයි.
 
මෙම තත්ත්වය මත සුෂාන්ත් මරණයට සිදු වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
 
කොංග්‍රස් නායක සංජේ නිරූපම් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ සුෂාන්ත් ගිවිසුම් ගතව සිටි චිත්‍රපට 07 ක් ඔහුට අහිමි වූ බවයි.
 
චිත්‍රපට කර්මාන්තය තුළ පැවති මෙම තත්ත්වය තුළ දක්ෂ පුද්ගලයෙකුගේ ජීවිතය ආකාලයේ විනාශ වූ බවයි ඔහු එහි සඳහන් කර තිබුණේ.
 
සිනමා කර්මාන්තය තුළ පවතින මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඇතැම් ජනප්‍රිය ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් ප්‍රසිද්ධියේ සිය අදහස් ප්‍රකාශ කිරිම අරඹා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
 
මේ අතර Dabangg චිත්‍රපට අධ්‍යක්ෂක අභිනව් කාශ්‍යප් සිය චිත්‍රපට ව්‍යාපෘති රැසක් විනාශ කිරිමට සල්මාන් ඛාන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ක්‍රියා කළ බවට චෝදනා එල්ල කොට සිටිනවා.
 
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට හේතුව කුමක්ද යන්න ගැන ඉන්දීය රජය විමර්ශනයක් සිදුකළ යුතු බවටද මෙහිදී චිත්‍රපට අභිනව් කාශ්‍යප් වැඩිදුරටත් කියා සිටින්නේ.
 
මේ අතර... සුෂාන්ත්ගේ රසිකයින් ද සුෂාන්ත්ට එරෙහිව බොලිවුඩයේ සුපිරි තරු කෙනෙහිලකම් කළ බව කියමින් විරෝධතා ආරම්භ කර තිබෙනවා.
 
සල්මන්, කරන් ජොහාර් ඇතුළු බලවතුන් සුෂාන්ත්ව මරණය කරා මෙහෙය වූ බවයි ඔවුන් පවසන්නේ.
 
මේ හේතුවෙන් සල්මන්ගේ හා කරන්ගේ රුව රැගත් පෝස්ටර් ගිනිබත් කරමින් ඔවුන් මෙම විරෝධයේ නියැලී තිබෙනවා.
 
සුෂාන්ත් ශක්තිමත් මනසක් ඇති බුද්ධිමතෙකු බව සඳහන් කරන ඔහුගේ රසිකයින්, නිකරුනේ ඔහුව මරණය දක්වා කැඳවා ගියේ බොලිවුඩයේ තරු යැයි කියාගන්න "නරුමයින්" විසින් බවයි ප්‍රකාශ කරන්නේ.
 
එමෙන්ම ට්විටර් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළින්ම මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top