ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ජගත් සංවිධානයට වාර්තාවක්
Friday, 19 June 2020 - 8:19 | Views - 501
ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා මහත්මිය තමන් වෙත අසත්‍ය චෝදනා එල්ල කර අපහාසාත්මකව කටයුතු කිරීමක් හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, තම ජීවිතයට තර්ජනයක් විය හැකි බවත් සඳහන් කරමින් මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ යුරෝපා සංගමයට අද වාර්තාවක් ඉදිරිපත් කළා.
ඔහු එම වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ අසත්‍ය චෝදනා එක්සත් ජාතීන්ගේම අයි.සී.සී.පී.ආර්. ගිවිසුමේ කරුණුවලට පටහැනි බවයි.
Share This Article