මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහලට
Friday, 19 June 2020 - 8:14 | Views - 619

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහලගොස් තිබෙනවා.
එමෙන්ම, පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,421 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 515ක්.
ඊයේ දිනයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 22 ගෙන් 18 දෙනෙකුම ඩුබායි සිට පැමිණ නිරෝධායනය ලක්වන අය වන අතර, කටාරයෙන් පැමිණි දෙදෙනෙකු, රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැනුණා.
කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
යූ.එල්. 605 දරණ මෙම විශේෂ ගුවන් යානය අද අලූයම 5.10ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූයේ මෙල්බර්න් නුවර සිටයි.
ඔවුන් අතරින් වැඩි දෙනෙක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා ගොස් සිටි සිසුන්.
මේ අතර, ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයින් 58 දෙනෙකු චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
අනතුරුව ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කර ඇති අතර, ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපල අවට හෝටල් කිහිපයක තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මෙන්ම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක් තුළ මේ වනවිට ඇතැම් පිරිස් සෞඛ්‍ය නිර්ණායකයන්ට පටහැනිව ජන හමු පවත්වන ආකාරයක් දක්නට ලැබෙන බවයි.
කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය තුළද ඇගයුමට ලක්ව තිබෙනවා.
මෙලෙස සෞඛ්‍ය නිර්ණායක උල්ලංඝනය කරමින් මැතිවරණ කටයුතුවල නිරතවීම වැළැක්වීමට නෛතික ප්‍රතිපාදන සලසන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.
Share This Article