පොහොට්ටුවේ සියළු අපේක්ෂකයින් අරලියගහ මන්දිරයට කැදවයි
Friday, 19 June 2020 - 8:08 | Views - 574
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන සියලු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවති බව සඳහන්.
එහිදී මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කර තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් මැතිවරණ ක්රියාවලියෙහි නිරතවීම සහ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශන ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ සාකච්ඡාවේදී අපේක්ෂකයන්ට දැනුම් දී ඇත්තේ.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව තිබෙනවා.
Share This Article