ළදරුවන් සහ ළමයින් 24දෙනකුට මරු කැඳවමින්, මාතෘ නිවාසයකට ප්‍රහාරයක් එල්ල කළේ ISIS ත්රස්තයින්ද ?
ගැබිනි මවුවරුන්, ළදරුවන් සහ ළමයින් 24 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි සිය මාතෘ නිවාසය වසා දමන බව පුණ්‍ය ආයතනයක් පවසනවා.
මෙඩිසින් සෑන්ස් ෆ්‍රොන්ටියර්ස් පවසන්නේ හිතාමතාම මේ ප්‍රහාරය එල්ල කර ඇති බැවින් ඒ ගැන සිතා ඉහත තීරණය ගත් බවයි.
මාතෘ සායනයට එල්ල වූ ප්‍රහාරයට හැම අතින්ම විරෝධතා මතුව තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් භාර ගෙන ද නැහැ..
එම්එස්එෆ් සංවිධානය පවසන්නේ මේ ප්‍රහාරයට වගකිය යුතු අය ගැන තවමත් අනාවරණය වී නොමැති නිසා එහි සිටින ගැබිණි මවුවරුන්, ළදරුවන් සහ කාර්ය මණ්ඩලය අවදානමට ලක් කළ නොහැකි බැවින් නිවාසය මාතෘ වසා දමන බවයි.
