අද ඔයා නෑ...ඒත් මං ගාව ඔයාගෙ නම තියෙනවා... මම ඒ නම වටිනා විදියට පරිස්සම් කරන්නම්
Thursday, 18 June 2020 - 15:59 | Views - 551

ප්‍රවීණ, ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ආදරණීය දියණිය වන වීණාවී සුලක්ඛනා මාපිටිගම පසුගිය දිනෙක පාමංකඩ සිදුවූ මාරක රිය අනතුරකින් සඳහටම දෙනෙත් පියා ගත්තා.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ වීණාවීගේ සැමියා ද මෝටර් රථයේ සිට ඇති අතර ඔහුටද තුවාල සිදු වී තිබෙනවා.
මේ අතර... වීණාවීගේ සමුගැනීමත් සමඟ ඇයට සමීප බොහෝ දෙනා ඇය ගැන සංවේදී සටහන් තබා තිබුණා.
ඇගේ නමම ඇති තරුණියක් ද ඇගේ නොසිතූ වියෝව ගැන මෙසේ සඳහනක් කර තිබුණා.
එම සටහන පහතින්..............
මට නම දී ඔබ ගිය හැටි....
වීණාවි සුලක්කනා මාපිටිගමගේ නික්මයෑම මට මා මියගියා හා සමාන මූසල හැගීමක් ගේනවා.....ඇය මගේ අතීතය පුරා සිටියා....කිසි දිනක දැක නැතත් ඇය ගැන අපේ නිවස තුළ නිතර කතා වුණා..හේතුව ඇයට ඇතිවූ ආසාව නිසා අම්මා මට එයාගෙ මුළු නමම තියලා තිබුණ එක.. ඒ හින්දම හුගක් අය මගෙන් අහන්න ගත්තා මම මාපිටිගම සර්ගේ දුවද කියලා...
දුක මහා වචන අහුරකට කැටිකරන්න බෑ වීණාවි...අද ඔයා නෑ...ඒත් මං ගාව ඔයාගෙ නම තියෙනවා... මම ඒ නම වටිනා විදියට පරිස්සම්ක රන්නම්...මට නම දුන්නාට ස්තූතියි!
ඒ වගේම නම අසා කලබලෙන් කතා කරන සොයා බලන මිතුරු කැලට ආදරෙන් ඒ මම නොවන බව ලියා තබන්නටත් කැමතියි...
සුභ ගමන් නොදුටු මිතුරිය !
Share This Article