අලුත උපන් බිළිඳිය කතුරකින් ඇන මරා දැමු සිව්දරු මව රිමාන්ඩ්
Thursday, 18 June 2020 - 15:46 | Views - 446
අලුත උපන් බිළිඳියට කතුරෙන් ඇන මරණය සිදු කිරීම පිළිබඳව බන්ධනාගාර ගත කර සිටි සිව්දරු මවක් දෙයියන්දර මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්ම කීර්ති මහත්මිය මෙම 24 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කරනු ලැබුවා.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූයේ මාකඳුර ජන උදානගම බංගමුවගේ දිනූෂා දර්ශනි නම් 35 හැවිරිදි සිව්දරු මවක්.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මාවරල පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක ටී.ජේ.බී. සුවාරිස් මහතා සඳහන් කළේ, නිවසේදීම බිහි කරන ලද කුඩා දැරියකට කතුරෙන් ඇන මරා දමා නිවසේ ඇඳ යට සඟවා ඇති බවට තමන්ට තොරතුරක් ලැබුණු බවයි.
ඒ අනුව වහාම ක්රියාත්මක වී පරීක්ෂණ පැවැත්වීමේදී එහිදී සැකකාරියගේ නිදන ඇඳ යට තිබී ඝාතනය කරන ලද බිළිඳියගේ සිරුර සොයා ගනු ලැබුවා.
ඝාතනයට යොදාගන්නා ලද අවිය වන ලේ තැවරුණ කතුරක් නිවසේ අල්මාරිය උඩ තිබියදී සොයා ගත්තා.
මේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවයි වාර්තා වන්නේ..
(ලංකාදීප පුවත්පතේ ලිපියක් ඇසුරින්.)
Share This Article