පසුගිය මාස තුනෙහි විදුලිබල මණ්ඩලයට අයවිය යුතු ආදායම කෝටි 2000 ඉක්මවයි
Thursday, 18 June 2020 - 15:35 | Views - 236
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙල යටතේ රට පුරා පැනවූ ඇදිරි නීති කාලසීමාව තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවිය යුතු ආදායම රුපියල් කෝටි 2000 ඉක්මවා තිබෙනවා.
ඊයේ පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර, අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය මාස 3 තුළ විදුලි බිල්පත් පාරිභෝගිකයින්ට නිසි පරිදි බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.
වාරික වශයෙන් බිල්පත් ගෙවීමට අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article