පසුගිය මාස තුනෙහි විදුලිබල මණ්ඩලයට අයවිය යුතු ආදායම කෝටි 2000 ඉක්මවයි
Thursday, 18 June 2020 - 15:35 | Views - 237
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙල යටතේ රට පුරා පැනවූ ඇදිරි නීති කාලසීමාව තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවිය යුතු ආදායම රුපියල් කෝටි 2000 ඉක්මවා තිබෙනවා.

ඊයේ පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර, අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය මාස 3 තුළ විදුලි බිල්පත් පාරිභෝගිකයින්ට නිසි පරිදි බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.

වාරික වශයෙන් බිල්පත් ගෙවීමට අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top