රථවාහන දඩ ගෙවන්නන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක්
Thursday, 18 June 2020 - 14:22 | Views - 532
ශ්රී ලංකා පොලිසිය විසින් 2020 පෙබරවාරි මස 16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්රිකා ගෙවීම සඳහා 2020 ජුනි මස 30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
මෙම දඩ මුදල් දිවයින පුරා ඇති ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකියාව ඇති බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Share This Article