2011 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාවාදීලා
Thursday, 18 June 2020 - 13:17 | Views - 586

2011 පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මුදලට හෝ වෙනයම් දෙයකට පාවාදීම පිළිබඳව තමන් සතුව පැහැදිළි තොරතුරු පවතින බව එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
ඒ හිරු පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එක් උදාහරණයක් පෙන්වමින් ඔහු පැවසුවේ අවසාන තරඟයට අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබානොගත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු තරඟයට ක්‍රීඩා කළ බවයි.
තමන් එය දුටුවේ ඉන්දියාවේ තරඟය පැවැත්වෙන අතරතුර බවද ඔහු සඳහන් කළා.
මේ පිළිබඳව ඇති පැහැදිලි හා ප්‍රබල සාක්ෂි වගකිවයුතු ආයතන වෙත තමන් ඉදිරිපත් කර ඇති බවද නොකියූ තවත් සාක්ෂි පවතින බවද දීර්ඝ ප්‍රකාශයක් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම තරඟය පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ වී නොමැති බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2011 වසරේ අප්‍රේල් දෙවනදා පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබාගත්තා
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී පහසුවෙන් තරඟය ජයගැනීමට සමත්වුණා.
කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් අනතුරුව අවසන් තරඟය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් විවිධ අදහස් පළකලා.
Share This Article