2011 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාවාදීලා
Thursday, 18 June 2020 - 13:17 | Views - 587
2011 පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මුදලට හෝ වෙනයම් දෙයකට පාවාදීම පිළිබඳව තමන් සතුව පැහැදිළි තොරතුරු පවතින බව එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඒ හිරු පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එක් උදාහරණයක් පෙන්වමින් ඔහු පැවසුවේ අවසාන තරඟයට අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබානොගත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු තරඟයට ක්‍රීඩා කළ බවයි.

තමන් එය දුටුවේ ඉන්දියාවේ තරඟය පැවැත්වෙන අතරතුර බවද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව ඇති පැහැදිලි හා ප්‍රබල සාක්ෂි වගකිවයුතු ආයතන වෙත තමන් ඉදිරිපත් කර ඇති බවද නොකියූ තවත් සාක්ෂි පවතින බවද දීර්ඝ ප්‍රකාශයක් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම තරඟය පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ වී නොමැති බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

2011 වසරේ අප්‍රේල් දෙවනදා පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබාගත්තා

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී පහසුවෙන් තරඟය ජයගැනීමට සමත්වුණා.

කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් අනතුරුව අවසන් තරඟය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් විවිධ අදහස් පළකලා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top