ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Thursday, 18 June 2020 - 9:13 | Views - 382
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදෑසන 9 සිට පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන, නාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම, කෙරවලපිටිය, මටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික් ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශය මෙන්ම, බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
Share This Article