බීජිං කොරෝනා පොකුර මතු වුණේ මාළු ලෑල්ලකින්ද ?
Thursday, 18 June 2020 - 9:06 | Views - 987
චීනයේ බිජිං නගරයේ"සින්ෆාඩි " තොග ආහාර වෙළඳපල ආශ්‍රිතව කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමට මුල් වූ කොරෝනා වෛරසය  තිබී ඇත්තේ  එම වෙළඳපලට ආනයනය කරන සැමන් මසුන් කැපීම සඳහා  භාවිත කරන  ලෑලි (චොපින් බෝඩ් ) මත බව චීන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ බව වාර්තා  වීමත් සමගම චීනයේ බොහෝ ප්‍රාන්තවල සුපිරි හා වෙනත් වෙළඳසැල් විසින් ඔවුන් සතුව පවතින් ශීත කළ හා නැවුම් මාංශ වර්ග හා මුහුදු ආහාර (සී ෆුඩ් ) නිෂ්පාදනයන්හි එම වෛරසය ඇත්දැයි පරික්ෂා කිරීමට පෙළඹී තිබේ.

චීනයෙන් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිත පොකුර ආනයනික මාංශ නිෂ්පාදනවලට සම්බන්ධ බව තහවුරු වුවහොත් එය එරට විසින් දැනට ගෙන යන දේශීය වෙළඳපලේ මාංශ වර්ගවල මිල අඩු කිරීම සඳහා මාංශ නිෂ්පාදනයන් ආනයනය කිරීමේ වැඩපිළිවෙලට අහිතකර ලෙස බලපානු ඇතැයි බළධාරීහු පවසති. අනෙක් අතට ආනයනික මාංශ නිෂ්පාදනයන් ඇල්ලීමේදී හා සකස්  කිරීමේදී ආරක්‍ෂිත සෞඛ්‍ය පියවර අනුගමනය කිරීමට සිදු වන ඇති බව ඔවුහු කියා සිටිති.

මෙම නව කොරෝනා ආසාදිත පොකුර මතු වීමට ආනයනික මාංශ නිෂ්පාදනයන් හේතු නොවුවද දැනටමත් ජනතාව තුළ එම නිෂ්පාදනයන් පිළිබඳව සැක කෙරෙන ආකාරයේ වාර්තා පළ වීම් නිසා චීන ජනතාව ඉදිරියේදී ආනයනික මාංශ වර්ග මිල දී ගැනීම අඩු වීමට ඉඩ ඇති බව ආසියාවේ ජ්‍යෙෂ්ට පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ විශ්ලේෂකවරියක් වන ඩෑරින් ෆ්‍රෙඩ්රික්ස් පවසන්නීය.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ චීනයේ මතුව ඇති නව කොරෝනා ආසාදිත පොකුර ආනයනික සැමන් නිෂ්පාදනයන් හෝ ඒවා ඇසුරුම් කිරීමට සම්බන්ධ දෙයක් මත හට ගෙන ඇති බවට ඉදිරිපත් කර ඇති මතය ප්‍රමාණවත් සාක්‍ෂි සහිත එකක් නොවන බවයි.

ඒමන්ති මාරඹේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top