ඊ.ටී.අයි. ගණුදෙනුව ගැන අදත් ප්‍රශ්න කෙරේ
Thursday, 18 June 2020 - 8:43 | Views - 427

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.
ඊයේ සහ පෙරේදා දිනවලදීද මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.
මේ වනවිට ඊ.ටී.අයි. සමාගමේ සිදුවුණු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමද අදාළ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනවා.
බරපතල මූල්‍ය ගැටලූවලට මුහුණදී වත්කම් විකිණීමට සිදුවූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ සිදුවුණු බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කොමිසමට බලය පැවරුණා.
මෙම සමාගමේ වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස්, ඊ.ඒ.පී බ්‍රෝඞ්කාස්ටින් කම්පැනි ලිමිටඞ් සහ එහි අනුබද්ධ සමාගම්, ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ් සහ එහි පාලිත සමාගම්, හොටෙල් සෆායර් පුද්ගලික සමාගම, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඞ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම සතු වෙනත් නිශ්චල වත්කම් ඇතුළත්.
Share This Article