කොළඹ වරාය නගරයේ වෙරළ තීරය, ලබන වසරේ මහ ජනතාවට
Thursday, 18 June 2020 - 8:00 | Views - 667
කොළඹ වරාය නගරයේ වෙරළ තීරය, මහජනතාව වෙනුවෙන් ලබන වසරේදී විවෘත කිරීමට සැළසුම් කර ඇති බව නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කිලෝමීටර දෙකකින් යුත් මෙම වෙරළ තීරය මේ වනවිට සකස් කරමින් පවතින අතර, වෙරළ ක්‍රීඩාංගණයක්, වෙරළ උද්‍යානයක්, ළමා උද්‍යානයක්, කුඩා ආපනශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා ඇතුලු වෙනත් පහසුකම් සංවර්ධනය කිරීම කඩිනමින් ආරම්භ කරන බවයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුද කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.
ගාලු මුවදොර පිටියට පැමිණෙන ජනතාවට වෙරළට යාමට සහ දිය නෑමට ගැටළු පැවතියද කොළඹ වරාය නගරයේ වෙරළ තීරයට පිවිසීමේ සහ දියනෑමේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සිදුකළ හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම ගාලු මුවදොර පිටියේ සිට කොළඹ වරාය නගරයට පා ගමනින් පැමිණිය හැකි අතර, සාමාන්‍ය ජනතාවට කිසිදු අය කිරීමකින් තොරව ඊට පිවිසිය හැකියි.
Share This Article