පාසල් සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම අනිවාර්යයි
Wednesday, 17 June 2020 - 15:27 | Views - 4,477
පාසල් සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් තරයේ අනුගමනය කළ යුතු බව අධ්‍යාපන සහ ප්‍රවාහන ඇමැති වරුන් අවධාරණය සිටිනවා .

ජුලි 06 දින සිට අදියර කිහිපයක් යටතේ පාසල් යළිත් ආරම්භ කිරීමට නියමිතයි.

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදි අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේදි ඊයේ(16) සාකච්ඡාවක් පැවත්වුණා

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියළුම ප්‍රවාහන සංගම් නියෝජිත්යන් සහභාගී සිටියා .

විශේෂයෙන්ම ප්‍රවාහන සේවා සැලසීමේදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ආසන ගණනට පමණක් දරුවන් ප්‍රවාහනය කිරිම, පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන විෂබිජානුහරණය කිරිම සෑම පාසැල් දරුවෙක්ම මුඛ ආවරණ පැළැද සිටීම වැනි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගත යුතු බව අමාත්‍යවරු මෙහිදී අවධාරණය කර සිටියා.

එමෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ ඇතුළු වාහනවල අයිතිකරුවන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබදවත් මෙහිදි අවධාරණය යොමු වු අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු ගණනාවකට විසදුම් ලබාදීමට තීරණය තිබෙනවා .

කෙසේ වුවද ජුලි 20 දින සියළුම පාසල් නැවත ආරම්භ වීමට නියමිත බැවින් ප්‍රවාහන සේවා කාලසීමාවේදි වඩාත් සංකීර්ණ තත්වයක්ට මුහුණදීමට සිදුවනු ඇතැයිද මෙහිදි මහින්ද අමරවීර පවසා තිබෙනවා.

එම නිසා ප්‍රවාහන සේවාවන් සැලසීමේදි කොවිඩ් 19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියළුම ක්‍රියාමාර්ග දෙමාපියන් විසින්ද ගත යුතු බව අමාත්‍යවරු මෙහිදී පවසා ඇති බවයි වාර්තාවන්නේ .
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top