බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය කාන්තාවකට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්
Wednesday, 17 June 2020 - 15:07 | Views - 1,325
2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි දශම 6ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
සිද්ධිය වූ වකවානුවේ රිමාන්ඩ් සිරකාරියක්ව සිටි කාන්තාවකටයි මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ.
2013 වසරේ අගෝස්තු මස 30 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකාර කාන්තාව සිය රහස් ප්‍රදේශයේ හෙරොයින් සඟවා ගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම සොයා ගැනීම සිදු කළා.
ඇය සන්තකයේ තිබී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය තුල මත්ද්‍රව්‍ය පැකට් 216ක් පැවති බවයි පරීක්ෂණවලදී අනාවරණය වුණේ.
Share This Article