ඩෙක්සමෙතසෝන් එන්නතෙන් යහපත් ප්‍රතිඵල
Wednesday, 17 June 2020 - 13:23 | Views - 3,552

වෙළඳපොලේ පවතින සුලභ ඖෂධයක්, කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිඵල ගෙනදී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.
ඩෙක්සමෙතසෝන් නමැති මෙම එන්නත මගින් පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් සුවදායි ප්‍රතිඵල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, තවදුරටත් මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බව ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,915 දක්වා ඉහළ ගියා.
අවසන් වරට වාර්තා වූ දස දෙනාගෙන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් 4 දෙනා ඉරානයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින්නන්.
ඒ අනුව ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1371ක්.
එමෙන්ම, කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 899 දෙනාගෙන් 740 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු පාසල් යළි ආරම්භ කිරීමට පෙර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද කොළඹ ආනන්ද විද්‍යාලයේ සිදුකෙරෙනවා.
මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය සහ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යයන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජන සහභාගිත්වයෙන් තොරව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
මේ අතර, ගෙවුණු දිනය තුළ 2000 ඉක්මවූ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා ඉන්දියාවෙන්.
නව ආසාදිතයින් 11,135 ක් ඊයේ ඉන්දියාවෙන් හඳුනා ගත් අතර සමස්ත ආසාදිතයින් ලෙස දැක්වුණේ තුන්ලක්ෂ 54,161 ක් ලෙසයි.
මහාරාෂ්ඨ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී තිබෙනවා.
මේ අතර, කොවිඩ් 19 වෛරසය ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන චීනයේ ඊයේ දිනයේදී නව ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එම ආසාදිතයින් අතරින් 33 දෙනකු පසුගිය 11 ෂෙන්ෆාඞ් තොග අලෙවි මධ්‍යස්ථානයෙන් සොයා ගත් හඳුනා නොගත් ආසාදිත පොකුරේ ආශ්‍රිතයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය 11 වනදා සිට මේ දක්වා චීනයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 137ක්.
චීනයට එල්ල වී ඇති කොවිඞ් 19 දෙවන රැල්ලක බලපෑම හේතුවෙන් බීජිං හි පාසල් සහ විශ්වවිද්‍යාල යළි වසා දැමීමට බලධාරින් පියවර ගත් අතර නගර 30 ක් මේ වනවිට මුළුමනින්ම වසාදමා තිබෙනවා.
එසේම, බීජිං ගුවන්තොටුපලෙහි ගුවන් ගමන් 1200 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
Share This Article