පාසල් සිසුවියක ස්නානය කරමින් සිටියදී වීඩියෝ කළ තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට
Wednesday, 17 June 2020 - 12:27 | Views - 2,268

පාසල් සිසුවියක ස්නානය කරමින් සිටියදී වීඩියෝ කළ තරුණයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 17, 19 සහ 21 යන වයස් කාණ්ඩවල තරුණයින් බව සඳහන්.
මොවුන් මෙලෙස වීඩියෝ කර ඇත්තේ, ඉන්දියාවේ වේලූර් දිස්ත්‍රික්කයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින සිසුවියකගේ දර්ශන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
ඇයගේ නිවසේ පිහිටි නාන කාමරයේදී නාමින් සිටියදී අදාළ තරුණයින් විසින් ඇයව වීඩියෝ ගත කර තිබෙනවා.
පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ විඩියෝව අවශ්‍ය නම් රුපියල් 5,000ක මුදලක් ලබා දෙන ලෙස ඔවුන් තර්ජනය කළ බවයි.
එමෙන්ම පටිගත කරන ලද දර්ශනය ඇයගේ බාප්පා කෙනෙකුගේ දුරකතනය වෙත යැවීමටත් එම තරුණියන් කටයුතු කර තිබුණා.
එම පවුලේ උදවියගෙන් පළිගැනීමේ අරමුණින් මෙය කළ බවත්, රුපියල් 5,000 ක මුදලක් ලබා නොදෙන්නේ නම් වීඩියෝව අන්තර්ජාලයට මුදා හරින බවත් ඔවුන් පැවසු බව ද සඳහන්.
කෙසේ වෙතත්, මෙම තරුණිය සහ පවුලේ පිරිස් පොලිසිය වෙත පැමිණිලි කිරීමට තීරණය කර අතර, එම තරුණයින් දින දෙකකින් අනතුරුව ඇයට වේලූර් ප්‍රදේශයේ පිහිටි කොටුව අසලට පැමිණෙන ලෙසයි පවසා තිබුණේ.
එම තරුණිය එය ප්‍රතික්ෂේප කර ඇති අතරම යළිත් වරක් ඔවුන් ඇයගේ නිවස අසල පිහිටි ස්ථානයකට පැමිණෙන ලෙස යළිත් තර්ජනය කර තිබුණා.
තමන් එම ස්ථානයට ගොස් දුරකතනය උදුරාගෙන එහි තිබු වීඩියෝව මකා දැමීමට කටයුතු කළ බවත් එහි එවැනි තවත් බොහෝ දර්ශන තිබු එහෙයින් දුරකතනය පොළොවේ ගසා කුඩු කළ බවත් ඇය පොලිසියට කියා සිටියා.
ඒ හේතුවෙන් ඔවුන් තමාට පහරදී පලාගිය බවයි ඇය ප්‍රකාශ කළේ.
මේ වනවිට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ තරුණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්
Share This Article