මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් උස්මුදුලාව වෙරළ තීරයට ගොඩ ගසයි
Wednesday, 17 June 2020 - 9:39 | Views - 581
අම්බලන්ගොඩ උස්මුදුලාව වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (17 ) උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සොයා ගැනුණු මේ මළ සිරුර කාගේ කවුද යන්න තවම අනාවරණයවී නැති බව පවසන පොලීසිය එම පුද්ගලයාගේ වයස හැටක් වන බවද කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share This Article