මාරක තුවාල ලබා රෝහල් ගත කෙරුණු පලස්තීන ජාතික කාන්තාවකගේ මාස 9 ක් වයසැති කුඩා දරුවකුට කිරි පෙවූ ඊශ්‍රායල ජාතික යුදෙව් හෙදියක් ගැන පුවතක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
එම හෙදිය උලා ඔස්ට්‍රෝවිස්ක් සක් වන අතර ඇයද මවක් වන බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලයේ ඉන් කරීම්හිදී මෙම පලස්තීන ජාතික කාන්තාව, ඇගේ පුතු සහ සැමියා මාරක රිය අනතුරකට ලක්ව තිබෙනවා. සැමියා එම ස්ථානයේම අවසන් ගමන් ගොස් ඇති ඇති අතර දරුවාට ඉන් කිසිදු හානියක් සිදු වී නැහැ.
බරපතල තුවාල ලැබූ කාන්තාව, හදාෂ් එලින් කරීම් රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවාද කම්පනයට පත්ව හඬමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
රෝහලට ගෙනා අවස්ථාවේදී දරුවා බලා ගැනීම උලා ඔස්ට්‍රෝවිස්ක් සක් ට පැවරී තිබුණා.
ඇය දරුවාට බෝතල් කිරි දීමට පැය ගණනාවක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථව ඇති අතර අවසානයේදී දරුවාට කිරි පෙවීමට ඇයම ඉදිරිපත් වී තිබෙනවා.
අනතුරුව රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව, කාන්තාවගේ වැඩිමල් සොහොයුරියක් සහ ඇගේ පවුලේ අය රෝහලට පැමිණ ඇති බව සඳහන්.
පලස්තීන ජාතික ඔවුන්, යුදෙව් හෙදිය කළ දේ ගැන පුදුමයට පත් වී ඇති අතර ඔවුන්ට එය අදහා ගැනීමට නොහැකි වූ බවත්, ඔවුන් එය දැක කඳුළු සැලූ බවත් ඔවුන් කියනවා.
උලා පසුව කියා සිටියේ තමා එම දරුවාට පස් වතාවක් කිරි දුන් බවයි.
මෙම පුවත වාර්තා වීමත් සමඟ ඊශ්‍රායලයේ නන්දෙසින් අලුත් මවුවරුන් රැසක් මෙම දරුවාට කිරි පෙවීමට ඉදිරිපත් වී තිබුණා.
මෙම දරුවාව පසුව ලොකු අම්මාගේ භාරයට පත් කර තිබෙනවා.