හඬමින් සිටි පලස්තීන පුතුට කිරි දුන් යුදෙව් අම්මා, ලෝකයක්ම සංවේදී කළ අයුරු මෙන්න
Wednesday, 17 June 2020 - 8:32 | Views - 372
මාරක තුවාල ලබා රෝහල් ගත කෙරුණු පලස්තීන ජාතික කාන්තාවකගේ මාස 9 ක් වයසැති කුඩා දරුවකුට කිරි පෙවූ ඊශ්‍රායල ජාතික යුදෙව් හෙදියක් ගැන පුවතක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
 
එම හෙදිය උලා ඔස්ට්‍රෝවිස්ක් සක් වන අතර ඇයද මවක් වන බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ ඉන් කරීම්හිදී මෙම පලස්තීන ජාතික කාන්තාව, ඇගේ පුතු සහ සැමියා මාරක රිය අනතුරකට ලක්ව තිබෙනවා. සැමියා එම ස්ථානයේම අවසන් ගමන් ගොස් ඇති ඇති අතර දරුවාට ඉන් කිසිදු හානියක් සිදු වී නැහැ.
 
බරපතල තුවාල ලැබූ කාන්තාව, හදාෂ් එලින් කරීම් රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවාද කම්පනයට පත්ව හඬමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
රෝහලට ගෙනා අවස්ථාවේදී දරුවා බලා ගැනීම උලා ඔස්ට්‍රෝවිස්ක් සක් ට පැවරී තිබුණා.
 
ඇය දරුවාට බෝතල් කිරි දීමට පැය ගණනාවක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථව ඇති අතර අවසානයේදී දරුවාට කිරි පෙවීමට ඇයම ඉදිරිපත් වී තිබෙනවා.
 
අනතුරුව රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව, කාන්තාවගේ වැඩිමල් සොහොයුරියක් සහ ඇගේ පවුලේ අය රෝහලට පැමිණ ඇති බව සඳහන්.
 
පලස්තීන ජාතික ඔවුන්, යුදෙව් හෙදිය කළ දේ ගැන පුදුමයට පත් වී ඇති අතර ඔවුන්ට එය අදහා ගැනීමට නොහැකි වූ බවත්, ඔවුන් එය දැක කඳුළු සැලූ බවත් ඔවුන් කියනවා.
 
උලා පසුව කියා සිටියේ තමා එම දරුවාට පස් වතාවක් කිරි දුන් බවයි.
 
මෙම පුවත වාර්තා වීමත් සමඟ ඊශ්‍රායලයේ නන්දෙසින් අලුත් මවුවරුන් රැසක් මෙම දරුවාට කිරි පෙවීමට ඉදිරිපත් වී තිබුණා.
 
මෙම දරුවාව පසුව ලොකු අම්මාගේ භාරයට පත් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top