ඇඟළුම් කම්හලේදී ඇති කරගත් අනියම් ඇසුරකින් ලැබුණු දරුවාව වෙනත් අයෙකුට හදාගන්න දුන් කාන්තාවක්, නීතියට වැලි ගසා නැටූ නාඩගම
Wednesday, 17 June 2020 - 8:24 | Views - 1,394
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අනියම් ඇසුරකින් තමාට ලැබීමට සිටි දරුවා පානදුර ප්‍රදේශයේ කාන්තාවකට දරුකමට හදාගැනීම සඳහා දෙන බවට දරුවා ඉපදීමටත් පෙර එනම් ගර්භණී සමයේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ගම්පහ රෝහලේදී දරු උපත සිදුවීමෙන් පසු රෝහලෙන් පිටතට පැමිණ ඉහත සඳහන් කාන්තාවට දරුවා භාරදී පසුව නීතිඥවරියකගෙන් ලබාගත් වැරැදි උපදෙස් මත පොලිසිය නොමඟ යැවීමට තැත් කිරීමේ පුවතක් ගම්පහ පොලිසියෙන් වාර්තා වේ.
 
පසුගිය ජුනි 10දා ගම්පහ මූලික රෝහලේදී මෙම දරු උපත සිදුවී ඇති අතර කාන්තාව 12දා රෝහලෙන් ටිකට් කපාගෙන බිළිදා සමඟ පැමිණ රෝහලේ ගේට්ටුව අසලදී ගිවිසුම පරිදි පෙර කී කාන්තාවට දරුවා භාරදී ඇත.

දින දෙකක් ඇවෑමෙන් පසු එනම් පසුගිය 14දා නීතිඥවරියක සහ කාන්තාවගේ මවද සමඟ ගම්පහ පොලිසියට පැමිණි ඇය පැමිණිල්ලක් කරමින් පසුගිය 10දා ගම්පහ රෝහලේ මාතෘ වාට්ටුවේදී තමාට උපන් දරුවා රෝහලේ ඇඳේ සිටියදී අතුරුදන් වුණු බවට පැමිණිලි කර ඇත.
 
ඒ මොහොතේම රෝහලේ බලධාරීන් දැනුවත් නොකළේ මන්දැයි පොලිසිය ප්‍රශ්න කළ විට ශාරීරික අපහසුකම් නිසා එවැන්නක් නොකර නිවෙසට ගොස් දරුවා වෙනුවෙන් එරෙන කිරි දරාගත නොහැකිව නීති උපදෙස් ගෙන පොලිසියට පැමිණිලි කළේ යැයි ඇය ප්‍රකාශ කර ඇත.
 
දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධව ගම්පහ මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ නිලධාරීන්ගෙන් පොලිසිය විමසූ විට මෙම කාන්තාව 10 වැනිදා දරුවකු ලැබුණු බවත් උපන් බිළිදා සහ මව 12 වැනිදා රෝහලෙන් ටිකට් කපාගෙන ගිය බවත් ඔවුන් වගකීමෙන් ප්‍රකාශ කර ඇත.
 
ඉන්පසුව පොලිසිය කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර පොලිසිය ඉදිරියේ ඇය සියල්ල හෙළිකර ඇත.
 
තමාට පෙර විවාහයෙන් වයස අවුරුදු 18/20 දරුවන් දෙදෙනකු සිටින අතර සැමියා හැරගිය බවත් ජීවත් වීම උදෙසා පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට රැකියාවක් කළ අතර එහිදී ඇතිකරගත් හැඳුනුම්කමක් මත අනියම් ඇසුරක් පැවැත්වූ අතර එකම කාමරයක අනියම් සැමියා සමඟ ජීවත් වන අතරතුර මෙම දරුවා කුස පිළිසිඳ ගත් බවත් එය දැනගත් පෙම්වතා ඇය දමා පලාගිය බවත් ඇය ප්‍රකාශ කර ඇත.
 
ඉන්පසුව රැකියාවත් අහිමි වූ නිසා පියකු නැති දරුවකු රැගෙන යෑමට යා නොහැකි බැවින් ඇඟලුම් කම්හලේ මිතුරියකගේ හැඳුනුම්කම් මත දරුවන් නොමැති කාන්තාවකට දරුවා දීමට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් බවත් ඇය පවසා ඇත.
 
පසුගිය 10දා තමාට දරු ප්‍රසූතිය සිදුවූ අතර 12 වැනිදා ගම්පහ රෝහලෙන් ටිකට් කපාගෙන පිටතට පැමිණ දින දෙකේ බිළිදා එම කාන්තාවගේ අතටදී තමා හිස් අතින් ගෙදර ගිය බවත් නිවෙසට ගිය පසුව දරුවා වෙනුවෙන් එරෙන කිරි හමුවේ දරාගත නොහැකි ශෝකයක් ඇති වන බැවින් නීතිඥවරියකගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කළ බවත් ඇය පොලිසියට පවසා ඇත.
 
දරුවා නැවත ලබාගැනීමට නම් හදාගැනීමට දුන් බව පැවැසීමට වඩා දරුවා රෝහලේදී අතුරුදන් වූ බව පැවැසීමට වඩා සුදුසු යැයි නීතිඥවරිය තමාට උපදෙස් දුන් බැවින් දරුවා රෝහලේදී අතුරුදන් වූ බව පොලිසියට පැමිණිලි කළ බව කාන්තාව පවසා ඇත.
 
වැඩිදුරටත් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසු දිවුරුම් ප්‍රකාශය ලබාදුන් දිවුරුම් කොමසාරිස්වරයා පිළිබඳව තොරතුරුද කාන්තාවගෙන් ලබාගත් ගම්පහ පොලිසිය පානදුර ප්‍රදේශයට ගොස් දිවුරුම් කොමසාරිස්වරයාගෙන් ලබාගත් තොරතුරු අනුව දින 4ක් වයසැති බිලිදා භාරකාර මවගෙන් රැගෙන විත් ගම්පහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ඇත.
 
නීති උපදෙස් පැතූ කාන්තාවකට පොලිසිය නොමඟ යැවීමට උපදෙස් ලබාදුන් නීතිඥවරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර දරු සෙනෙහස වෙනුවෙන් හෝ නීතියට අසත්‍ය ප්‍රකාශ ලබාදුන් කාන්තාව 16දා ගම්පහ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
 
ගම්පහ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
 
කැලණිය - කුසුම් එස්. හැන්නදි
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top