ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු, මහබැංකුව වෙනස් වෙයි - රාත්‍රියේත් වැඩ
Wednesday, 17 June 2020 - 8:17 | Views - 2,556
ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙන අතර, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කරනු ලැබුවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා මහමැංකු නිලධාරීන් ඊයේ හමුවූ අවස්ථාවේ දී කොරෝනා අර්බුදය හමුවේ ගෙන ඇති පියවර පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළා.

මේ අතර, අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශ විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාවය සහ අරමුදල් පිරිවැය පහළ යාමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළදපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරික්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි තිරසාර නගා සිටුවීමකට සහය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු මහබැංකු නිලධාරීන් ඊයේ රාත්‍රිය වන තුරුත් එම බැංකු පරිශ්‍රය තුළ සේවයේ නිරතව සිටින අයුරු නිරීක්ෂණය වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top