ජනප්‍රිය බොලිවුඩ් නළුවා සහ ඔහුගේ කළමණාකාරිනියගේ සියදිවි නසා ගැනීම ගැන අපේ රටේ තරුණියක් මුහුණු පොතේ ලියූ සංවේදී සටහන - Photo
Wednesday, 17 June 2020 - 8:12 | Views - 732

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන Sushant Singh Rajput මුම්බායි හි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගෙන තිබුණා.
මිය යනවිට 34 වියෙහහි පසු වූ Sushant Singh Rajput ගෙල වැළලාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවටයි සැක පළ කළේ.
මේ අතර පසුගිය 8 වනදා ඔහුගේ කළමණාකරිනියක වන Disha Salian ද දිවි නසාගෙන තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම කාලයක් පුරා මානසික පීඩාවකින් සිටි Sushant Singh ඊට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ද ලබා සිටි බව වාර්තාවුණා.
මේ අතර මේ දෙදෙනාගේම මරණය ගැන සදහන් කරමින් අපේ රටේ තරුණියක් මුහුණු පොතේ සටහක් තබා තිබුණා.
එම සටහන පහතින්.....
සුෂාන්ත් සිංහ් රාජ්පුත් කියන මේ නළුවත් එයාගේ හිටපු කළමණාකරු කියන මේ දෙදෙනාම සියදිවි නසාගෙන මැරෙනවා 2020 ජූනි 14 සහ ජූනි 09 කියන දින දෙකේදි.
මේදෙන්නාගේම මරණයට හේතුව "Depression" (ඒමත් නැතිනම් "විශාදය" කියනවා සිංහළෙන්) කියලයි දැනට සැක කරන්නේ...
මේ මරණ දෙකම ගොඩාක් සංවේදී කලා මාව ඒකට හේතුව මාත් විශාදයෙන් පෙළුණ කෙනෙක්. 2011 ජනවාරි, ඒකියන්නේ මම Campus එකේ final year 1st semester ලියනකොට Strategic Management subjet එක ලියලා ආවා විතරයි මට මතක. මම පිස්සියෙක් අපේ භාෂාවෙන් කියනවා නම්. මම Batch Miss වුණා. ඒනිසා මම මට වඩා අවුරුද්දක් පහල batch එකත් එක්ක තමා final year 1st semester ලියලා convocation ගියේ..
ලෝක ජනගහනයෙන් 4.4% ක් ඒකියන්නේ මිලියන 300කට වඩා වැඩි ප්‍රමාණයක් විශාදයෙන් පෙළෙන අය (WHO, 2020). හැබැයි ඒකෙන් බහුතරයකට ඒම ලෙඩක් තියෙද කියලා කියන්නට බැහැ.
මාත් පෙනුමට ඉඳියේ ඒවගේ. කවුරුවත් දැනගෙන ඉඳියේ නෑ මම ඔළුව ඇතුලෙන් කොච්චර දුක්වින්ඳද කියලා. නමුත් එක දවසක් එක මට්ටමක් ආවා ඒක මට පාලනය නොවෙන, මහා තද ඉසේ කැකුමක් එක්ක ඒකට ඔළුව පුපුරන තරම්, දවස් 3කින් 4කින් නින්ද ගියේ නෑ, හරි බයක් දැනුනා, ඒවගේම හරිම කේන්තියක් තිබුණා.., මම රෑ එළිවෙනකල් සැරින් සැරේට නෑවා.. මට හරි බයක් දැනුණේ., තුන් හතර වෙනි දවස වෙනකොට ඒකියන්නේ SM එක ලියලා ආව දවසේ රෑ.,මට PPT Slides වල තිබුන අකුරු එක තැනක තියාගන්න බැරි වුණා., අකුරු දුවනවා හැම තැනම, ඇස්දෙක ඉස්සරහා අමුතු අමුතු රූප කෑලි හැදෙනවා ලොකුවෙනවා කැඩෙනවා, ආයි හැදෙනවා.. ඒක මහා බයක්.. මාත් මරණය සතුටක් වගේ දැක්කා., ඒවෙලාවට ඕනිම තනියම ඉන්නයි, මට තේරුණා මේ වේදනාව දරාගන්න බෑ කියලා..
මොකක් හරි මට පිණක් තියෙන්න ඇති.,
මට දැනුණා මගේ සිහිය මගෙන් යනවා වගේ..
මේ ලෝකේ අත පය නැති නම් වෙන කෙනෙක් අපිව බලාගනීවි, ඒ අතින් පයින් කරන වැඩ ටික කරාවි.. ඒත් සිහිය ගියොත් වෙන කාටවත් ඒක ගේන්න බෑ මටම හැර..
මට තේරුනා සිහිය තරම් වටින දෙයක් නැති බව.. ඒවෙලාවේ ඔළුව ඇතුලේ මහා ලොකු යුද්ධයක්, මගේ මනසේ සිතුවිළි දෙකක් එක්ක මම ගැටෙනවා කාව තෝරගන්නද කියලා.. මම මගේ අම්මට කතාකරලා කිව්වේ "අම්මේ මට ජීවත්වෙන්න ආසයි, මට ඩිග්‍රිය එපා" කියලා. මම ඒවෙලාවේ ජීවිතේ තෝරගත්තා ඩිග්‍රිය අතෑරලා..
මම අවුරුද්දකට පස්සේ මගේ ඩිග්රියත් ගත්තා..
හැබැයි මම එදා ඩිග්‍රිය ගන්න පෙරේත වුණා නම්, අද මමත් Rest In Peace තමා මේ වගේ..
ඒ මගේ කතාව..
මට කියන්න ඕනි වුණේ අපි වටේ ඉන්න අපේ යාළුවෝ අපිට නොපෙනුනාට මේ විශාදයෙන් පෙලෙනවා ඇති මම ඉඳියා වගේම.. අපිට පුළුවන් නම් එයාලා ගැන සැලකිල්ලෙන් ඉන්න, අපි අපේ සමීපතම අය එක්ක ගොඩාක් සමීපව දුක සැප බෙදාගෙන ජීවත්වෙන මට්ටමට එනවා නම් මේවගේ මිනිස්සු විශාදය මට්ටමට ඇවිත් ඒනිසාම සිය දිවිනසාගන්න මට්ටමට නෑවිත් නතරවෙනවා. එක තප්පරේකින් එයාලගේ මනස වෙනස් කරන්නයි ඕනි.. යාළුවෙක් අසාමාන්‍ය විදියට කෝල් කරනවා නම් ඒක answer කරලා බලන්න., අපි answer නොකරන call එකෙන් වෙන කෙනෙක්ගේ ජීවිතේ තීරණය වෙන්න පුළුවන්. ඒ වේදනාවට කෙනෙක් ගන්න තීරණය මොකද්ද අපි දන්නේ නෑ, ඒ වේදනාව දන්නේ ඒකෙන් දුක් වින්ඳ කෙනෙක්ම විතරයි.
ලේසියෙන් හිත වෙනස්කරගන්න බෑ එයාලට..
විශාදයට හේතුව ආදරයද, විවාහයද, දරුවොද, අධ්‍යාපනයද, ව්‍යාපාරද, සල්ලි ප්‍රශ්නද වෙන මොනදේද දන්නේ නෑ., ඒ මොකක් වුණත් අපි වටේ ඉන්න කෙනෙක් අපිට උදව්වක් වෙන්න පුළුවන් වුණ කෙනෙක් නම් මේවගේ දිවිනසාගෙන මැරුණේ, එදාට ඒක අපිට ලොකු මානසික බලපෑමක් ඇති කරනවා..
ඒනිසා තමන් වටේ ඉන්න අය ගැන අවධානයෙන් ඉන්න.. අපිට නොපෙනුනාට අපි අතර විශාදයෙන් පෙළෙන අපේ හොඳම යාළුවෝ, සහෝදරයා, නෑයා, සැමියා, බිරිඳ, දරුවා ඒමත් නැතිනම් ඔෆිස් එකේ ඉන්න පියන් වැඩේ කරන මනුස්සයා වෙන්නත් පුළුවන්..
අපි අවධානයෙන් ඉන්න තරමට, අපි බැඳීම් හිතවත් කම් වෙනුවෙන් පොඩ්ඩක් කැපවෙන තරමට කෙනෙක් ගේ සිය දිවි නසා ගැනීමක් නවත්වාගන්න පුළුවන් වේවි.... ඒක විශාදයක් මට්ටමට නොගිහින් සාමාන්‍ය මානසික අවපීඩනයක් මට්ටමින් ඉවරකරගන්න පුළුවන් වේවි.. ගොඩක් වෙලාවට විශාදයේදි අපි අතාරින්නට ඕනි අපි හිතෙන් අල්ලගෙන දුක් විඳින දේ, නමුත් අපි කරන්නේ අතාරින්න ඕනි දේ අල්ලගෙන, අල්ලගන්න ඕනි දේ ඒකියන්නේ අපේ ජීවිතේ අතෑරලා අනවශ්යදේම, ලෝභකමේම එල්ලිගෙන දුක් විඳිනවා..
සිය දිවි නසා ගන්නේ මෝඩයෝ කිය කිය අනික් අයව විවේචනය කරන අය දැනගන්න විශාදය හැදුන කෙනෙක් කියන්නේ තමන් කල දේ ගැනවත් තමන්ට අවබෝධ නැතිවෙන තරමට තමන්ගේ මානසික මට්ටම පිරිහිලා ගිය කෙනෙක් ඒ මොහොතෙදි.. ඒම කෙනෙක් තමාගේ වේදනාවෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා මිසක් එයාට වෙන දෙයක් ඔළුවට එනවා අඩුයි..
ඒකයි ගොඩක් අය ලේසියට මරණය තෝරාගන්නේ.. නමුත් අපිට පුළුවන් නම් අපේ වටේ ඉන්න අයගේ ඔළු හොඳට තේරුම්ගන්න,එයාලට ප්‍රශ්නෙකදි උදව්වක් වෙන්න, අඩුම ගානේ එයාලට ඇහුම්කන් දෙන්න., මේ වගේම හේතුවකට අපි අතරේ සිද්දවෙන්න පුළුවන් සියදිවි නසා ගැනීමක් ලේසියෙන්ම නවත්වගන්න ඉස්සරහ දවසකදි අපට පුළුවන් වේවි...
මුහුණූ පොතේ සටහනක් ඇසුරෙනි ✍️ පබෝධ
Share This Article